මුද්‍රණය
මුල් ප්‍රවර්ගය: Main Menu
ප්‍රවර්ගය: පරිපාලන ව්යුහය
4161views

ආයතන අංශය

දැක්ම තෘප්තිමත් කාර් ය මණ්ඩලයක් තුළින් සංවිධාන ව්‍යුහය ශක්තිමත් කිරීම
ප්‍රධාන කාර්යයන්
  1. බලපත්‍ර ලබාදීම
  2. ග්‍රාම නිලධාරී සහතික අනු අත්සන් කිරීම හා සහතික කිරිම
  3. බලපත්‍ර අලුත් කිරීම
  4. ආදායම් එකතු කිරීම
  5. ජාතික හැඳුනුම්පත සම්බන්ධ කරුණු
  6. ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම
  7. දෛනික තැපෑල කළමණාකරණය
  8. පෞද්ගලික ලිපිගොනු නඩත්තු කිරීම ( ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට  අනුයුක්ත නිලධාරීන්ගේ)
  9. දුම්රිය බලපත්‍ර හා දුම්රිය වාරප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ කටයුතු
  10. ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන්ගේ අග්‍රහාර රක්ෂණය සම්බන්ධ කටයුුුතු

ගිණූම් අංශය 

දැක්ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමස්ථ අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා මනා මුල්‍ය කළමනාකරණ (ගණුදෙනු) ක්‍රමයක් ක්‍රීයාත්මක කිරීම හා පවත්වාගෙන යාම.
ප්‍රධාන කාර්යන්
  1. වසරට අදාල ප්‍රසම්පාදන සැලසුම් සැකසීම
  2. ගෙවීම් සම්බන්ධ සියලුම ක්‍රියාකාරකම්
  3. සමීක්ෂණ මණ්ඩලය පැවැත්වීම
  4. විගණන විමසුම් හැසිරවීම
  5. මුල්‍ය ප්‍රකාශන සකස් කිරීම

 

 ඉඩම් අංශය 

දැක්ම

භූමි සම්පත තිරසර ලෙස කලමනාකරණය කරමින් රජයේ ඉඩම් අයිතිය ජනතාව වෙත නීත්‍යානූකූලව උරුම කර දීම.  

ප්‍රධාන කාර්යයන්
  1. ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ සිදුකරනු ලබන සියළු කටයුතු
  2. රජයේ ඉඩම් ආඥා පනත යටතේ සිදුකරනු ලබන සියළු කටයුතු
  3. රජයේ ඉඩම් සන්තකය ආපසු ගැනීමේ පනතට අඳාල කටයුතු
  4. ඉඩම් අත්පත් කර ගැනීමේ පනතට අඳාල කටයුතු/ රජයේ සංවර්ධන කටයුතු සඳහා ඉඩම් අත්පත් කර ගැනීමට අඳාල කටයුතු
  5. ඉඩම් කට්ටි ආදර්ශන, ඉඩම් සම්බන්ධ සිතියම් සැකසීම
  6. රජයේ ඉඩම් පිළිබඳ දත්ත පද්ධති පවත්වාගෙන යාම
  7. බිම් සවිය
  8. ඉඩම් කච්චේරි පැවැත්වීම
  9. ඉඩම් බදු අයකරගැනීම

සමෘද්ධි අංශය 

දැක්ම

  වසර 2030 වන විට  දුගී  බවෙන් තොර, සවිබලගැන්වූ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක්    බිහි කිරීමට කටයුතු කරන පුරෝගාමි ආයතනය බවට පත්වීම

මෙහෙවර " ආන්තීකරණයට  පත් ජනතාව (ආර් ථිකමය,සමාජයීය,දේශපාලනික, භෞතික, මානසික, නෛතික හා පරිසරික) සවිබලගැන්වීම  හා ප්‍රාදේශීය විෂමතාවය අවම කිරීම  සඳහා, කාර් යක්ෂම, සඵලදායි, වේගවත් හා ඵලදායි විසදුම් ජනහිතකාමි ලෙස ක්‍රියාවට නැංවීම සඳහා,   දෙපාර් තමේන්තු, ප්‍රජාමූල සංවිධාන  හා ක්ෂුද්‍ර මූල්‍ය  ආයතන ජාලය හා වෘත්තිකයින්, රජය, පෞද්ගලික ජනතා සහ  දේශපාලන අංශවල මනා දායකත්වය හා දේශීය හා ගෝලිය ආයතන වලද සහභාගීත්වයෙන්, දුගී බවෙන් තොර, සමෘද්ධිමත් දේශයක් ගොඩ නැංවීම තුලින් ආර් ථික සංවර්ධනයට දායක වීම"
ප්‍රධාන කාර්යන්
  1. සමෘද්ධි සහනාධාර ලබා දීම
  2. සමාජ ආරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
  3. නිවාස ලොතරැයි වැඩසටහන
  4. දිරිය පියස නිවාස වැඩසටහන
  5. සිප්දොර ශිෂ්‍යත්ව වැඩසටහන
  6. ජීවනෝපාය වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
  7. යටිතල පහසුකම් ක්‍රියාත්මක කිරීම
  8. ණය වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
  9. ඉතුරුම් ප්‍රවර්ධන වැඩටහන් ක්‍රියාත්මක කිරීම

සමාජ සේවා අංශය 

දැක්ම  " සෞභාගමත් මාදම්පාගම"
මෙහෙවර

දූෂණයෙන් තොර කාර් යක්ෂම හා ඵලදායි පාලනයක් තුලින් ජීවනෝපාය හා යටිතල පහසුකම් සංවර් ධනය, මානව සම්පත් සංවර් ධනය හා මූල්‍ය කළමණාකරණය, පාරිසරික සංරක්ෂණය, ඉඩම් හා ආපදා කළමනාකරණය, සමාජ සුභ සාධනය හා සමාජ සංවර් ධනය

ප්‍රධාන කාර්යයන්
  1. ආබාධිත පුද්ගලයින්ට ආධාර හා උපකරණ වෙන් කිරීම
  2. වැඩිහිටි හැඳුනුම්පත් නිකුත් කිරීම
  3. වියළි සලාක ලබා දීම

 

සැලසුම් අංශය

දැක්ම ප්‍රදේශයේ තිරසාර සංවර්ධනය ශක්තිමත් කිරීම
ප්‍රධාන කාර්යයන්
  1. සංවර්ධන අවශ්‍යතාවයන් හඳුනාගැනීම
  2. ව්‍යාපෘති ඇගයීම
  3. යාවත්කාලීන කිරීම්  PMCS
  4. කොට්ඨාශය තුළ සම්පත් නඩත්තු කිරීම හා පවත්වාගෙන යාම

 

විශ්‍රාම වැටුප් අංශය

දැක්ම විශ්‍රාමිකයින්ගේ යහපැවැත්ම නැංවීම හා තහවුරු කිරීම වෙනුවෙන් සක්‍රිය දායතක්වයක් ලබාදීම
ප්‍රධාන කාර්යයන්
  1. මාසික විශ්‍රාම වැටුප් ගෙවීම
  2. වැන්දඹු, අනත්දරු, විශ්‍රාම වැටුප් හා ආබාධිත පුද්ගලයින් අධීක්ෂණය හා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත නිර්දේශ ලබා දීම