මුද්‍රණය
ප්‍රවර්ගය: සේවා සං‍යුතිය
1636views

දීමනා පත්‍ර/බලපත්‍ර ඉඩමක මුල් අයිතිය ලබා ගැනීම

දීමනාපත්‍රකරු/බලපත්‍රකරු සහ කලත්‍රයා මියගිය පසු උරුමක්කරුවකු නම්කර ඇත්නම් 2022/4 චක්‍රලේඛණය පරිදි උරුමකරුවන්ට මුල් අයිතිය ලබාගත හැකිය.

මේ සඳහා අවශ්‍ය සැපයියයුතු ලේඛන

 

                                                   දීමනාපත්‍ර ඉඩමක්නම්

 

                                   බලපත්‍ර අවස්ථාවේ ඇති ඉඩමක් නම්

පසු උරුමය නම්කර ඇති ඉඩමක මුල් අයිතිය ලබාදීම සඳහා දීමනාපත්‍රකරු හා කලත්‍රයා මියගොස් මාස 06ක් තුළ පසූඋරුම නමකල ඇති අය ඉඩමේ භුක්තියට පිවිස සිටිය යුතුය.

දීමනා පත්‍රයක් නම් අදාල ලේඛන සම්පූර්ණ කල පසු ඉඩමේ රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලියාපදිංචි කිරීමට යවනු ලැබේ.

ඉඩම සංවර්ධන ආඥාපනත යටතේ මෙතෙක් නිකුත් කර ඇති ඔප්පු මොනවාද?

 

ඔප්පුවක් ලබා ගැනීම සඳහා අවශ්‍ය සුදුසුකම් මොනවාද?

ඉඩම් සංවර්ධන ආඥාපනත යටතේ බලපත්‍රයක් මත ඉඩමක් ලැබී තිබිය යුතුය.

ඉඩම හොඳින් සංවර්ධනය කර භුක්ති විඳින ඉඩමක් විය යුතුය. (පදිංචියට දුන් ඉඩමක් නම් නිවසක් සාදා පදිංචිව සිටිය යුතුය)

 

ඔප්පුවක් ලබාගත හැක්කේ කෙසේද?

ඉහත සුදුසුකම් සපුරා ඇත්නම් ලබා දෙනු ලබන පහත ලිපි ලේඛන මෙම කාර්යාලය වෙත භාර දෙන්න.

 

 

ඉල්ලීම් ලිපිය. (ඉඩම හොඳින් සංවර්ධනය කර භුක්ති විඳින බැවින් දීමනාපත්‍රයක් සකසා දෙන ලෙස ඉල්ලා ලියන ලද)

මුල් බලපත්‍රය සහ එහි ඡායා පටපත

සම්පුර්ණ කරන ලද මෙම කාර්යාලයෙන් නිකුත් කරනු ලබන ඔබගේ පෞදගලික විස්තර ඇතුලත් කරනු ලබන ආකෘති පත්‍රය.(e-slim ආකෘතිය)

ඒ සඳහා

ජාතික හැඳුනුම්පත හා එහි ඡායා පිටපත හෝ එසේ නොමැති නම් උප්පැන්න සහතිකය.

අවසර පත්‍රෙය් සඳහන් නම හා ජාතික හැඳුනුම්පතෙහි සඳහන් නම අතර යම් වෙනසක් පවතී නම් එය සනාථ කිරීමට දිවුරුම් ප්‍රකාශය.

මැණුම් කළ ඉඩමක් වුවත් අවසර පත්‍රෙය් පිඹුරට අනුව මායිම් යොදා නොමැති නම් ඉඩම මැන ඇති බව සනාථ කරමින් ග්‍රාම නිලධාරි විසින් සම්පූර්ණ කරන ලද අදාල ආකෘතියේ වාර්තාව