ලෝක ළමා දින සැමරුම සීනිගම දී!
ලෝක ළමා දිනය සමරනු වස් "සියල්ලටම වඩා දරුවන් වටී" යන තේමාව මුල් කර ගනිමින් වැඩසටහනක් සීනිගම විමල බුද්ධි ක්‍රීඩාංගනයේදී අද දින පෙරවරුවේ පවත්වන්නට යෙදුණි.
මේ සඳහා මාදම්පාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පෙර පාසල් 29 ක දරුවන් 800 පමණ, ගුරුවරුන් සහ දෙමව්පියන් ද සහභාගි විය.
මෙම අවස්ථාවට ප්‍රාදේශීය ලේකම් සුසීමා කාරියවසම් මහත්මිය, සහකාර ප්‍රාදේශීය ලේකම්, සහකාර අධ්‍යක්ෂ(සැලසුම්),සමෘද්ධි මුලස්ථාන කළමණාකරු ඇතුළු ළමා හා කාන්තා ඒකකයේ නිලධාරීන් රැසක් එක් වී සිටියහ.එසේම රත්ගම ප්‍රාදේශීය සභාවේ ලේකම්,සීනිගම විමල බුද්ධි විද්‍යාලය හා තොටගමුව විජයබා විද්‍යාලය යන විදුහල් දෙකෙහි විදුහල්පතිවරුන්ද මේ අවස්ථාවට සහභාගී විය.
පෙර පාසල් දරුවන්ගේ මෙන්ම ගුරුවරුන්ගේ ද නර්ථන අංගයන්ගෙන් මෙම අවස්ථාව විචිත්‍රවත් කෙරිණ.
මෙම වැඩසටහන සංවිධානය මුල් ළමා විය සංවර්ධන නිලධාරි චාමලී එගොඩගේ මහත්මිය ප්‍රමුඛ ළමා හා කාන්තා ඒකකය මගින් සිදු කරන ලදී..


















